.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, April 18, 2013

මදුනාගල ආරණ්‍යය


මදුනාගල ආරණ්‍යය


               මදුනාගල ආරණ්‍යය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  කොග්ගල්ල ගමට නුදුරුව පිහිටා ඇත. සුරියවැව නගරයට පැමිනද, නැතිනම් අම්බලන්තොට බැරගම මාර්ගයේ පැමිණද මෙම ස්ථානයට ලගාවිය හැකිය.

           බැරගම ආසන්නයේ වන රක්‌ෂිතයේ පිහිටා  ඇති මෙම ඓතිහාසික ආරණ්‍ය සේනාසනය ආරම්භ කර ඇත්තේ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාසී මහනාහිමිපාණන් වහන්සේය. 1946 ජුනි මස 30 වැනිදා මෙම වනාන්තර ප්‍රදේශයට පැමිණි ගල්ලෙනක වාසය කරමින් මෙම ආරණ්‍ය ආරම්භ කර ඇත.  කළුගල ආරණ්‍ය සෙනසුනේ සිට මෙහි පැමිණි  මාහිමියෝ ගිහිවාසයක්‌ නැති අලි කොටි වලසුන් සිටින මේ වනයේ ජීවත්වෙමින් අතිශයින් දුෂ්කර ජීවිතයක්‌ ගත කළහ.

              වර්ෂ කීපයක්‌ ගතවන විට මදුනාගල අංගසම්පූර්ණ ආරණ්‍යයක්‌ බවට පත්කරන්නට උන්වහන්සේ සමත්වූහ. උපෝසථාගාරය සහිත විහාර මන්දිරය තපෝවනය, නන්දවනය කඨාරම් කෙටූ පැරණි ගල්ලෙන් සහිත මෙම භූමි භාගය පෙර රහතුන් වහන්සේලා පාදස්‌පර්ශය ලැබූ පින්බිමක්‌ බවට ප්‍රකටය. පෞරාණික ගල් කටාරම්ද සෙනසුනේ තවමත් දක්‌නට ඇති බ්‍රාහ්මී අක්‌ෂර සහිත සෙල්ලිපි ඊට සාක්‌ෂි දරයි.

 
             මදුනාගල ආරණ්‍යයේ යෝගාවචර භික්‌ෂූන් වහන්සේලා කිහිපනමක් වැඩ වාසය කරයි. මදුනාගල වන සෙනසුන වතුරවිල වනවාස සංඝ මූලස්‌ථානාධිපති අතිපූජ්‍ය මහකන්දේ රතනපාල අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ පාලනය වේ. මෙහි ලෙන් රැසක් ඇත. ඒවායේ යෝගාවචර භික්‌ෂූන් වහන්සේලා වැඩ වාසය කරයි.




             භික්‌ෂූන් වහන්සේලාට දන් පිළිගැන්වීමට සදහා  සැම ප්‍රදේශයකින්ම බැතිමතුන් පැමිණේ නියමිත දිනට පෙර දින මදුනාගලට එන මේ බැතිමතුන්ට නැවතීමට ශාලා පහසුකම්ද තිබේ. තපෝ භූමියේ සිට කි. මී. 2 ක්‌ පමණ දුරින් රක්‌ෂිත භූමියෙහිම පිණ්‌ඩපාත ශාලාව පිහිටා ඇත.  දන්දීමට එන පිරිස පෙරදින ගිලන්පස, පසුදා උදේ දානය, දහවල් දානය පිරිනමා පිං ලබාගෙන රක්ෂිත භුමියේ සිටින සතුන්ගේ හා තුරුලතා වල අසිරිය විද යාමටද අමතක නොකරයි. පොහෝ දිනවලට සිල් සමාදන්වීමට විශාල වශයෙන්උපාසක උපාසිකාවන් මෙම ස්ථානයට පැමිණෙයි.  
‍               දකුණු පලාතේ සංචාරය කරන වෙලාවකට අපේ පෞඩ ඉතිහාසය දැක බලා ගැනිමටත් වන සතුන්ගේ හා තුරුලතා වල අසිරිය විදිමට මදුණාගල යන්න අමතක කරන්න එපා..

No comments: