මොනවද මේ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන්, කවුද මේක හැදුවේ,කියලා
බලමු...
මුලින්ම කවුරුත් දන්න ඇන්ඩ්‍රොයිඩ් සලකුණ හැදුවේ කියලා
බලමු. මේක හැදුවේ ගැණු කෙනෙක් එයාගේ නම Irina
blok වැඩ කලේ
කවුරුත් දන්න google ආයතනයේ වෙළඳ සන්නිවේදන
අංශයේ සේවිකාවක් විදියට.
මේ ලාංජනය මුලින්ම හැදින්වුයේ Bugdroid
කියලා පස්සේ ලේසියට හා පහසුවට ඔය හැමෝම කියන ඇන්ඩ්‍රොයිඩ් කියලා කියන්න
ගත්තා.
2007 නොවැම්බර්
05 වෙනිදා ගුගල් සමාගමේ ප්‍රධානත්වයෙන් තවත් දුරකථන හා පරිඝනක සම්බන්ධ
සමාගම් 86 සමග ජංගම දුරකතන සදහා එකම
මෙහෙයුම් පද්දතියක් යොදා ගැනිම පිලිබදව සාකච්ඡාකල අතර ඒ සදහා එම මෘදුකාංගයේ දියුණු
කිරිමේ පාදම ලෙස Linux Kernal 2.6 යොදා ගැනිමට
තිරණය විය.
ඒ අනුව 2008
සැප්තැම්බර් 23 දින පළමු ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඇතුලත් කරමින් පලමු ඇන්ඩ්‍රොයිඩ්
දුරකථනය ලෙස HTC dream G1 දුරකථනය හදුන්වා දෙන
ලදි. ඉන්පසුව විවිධ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් නැතිනම් සංස්කරන එලිදැක්වු අතර එවා සියල්ල
ඉංග්‍රිසි හෝඩියේ C අකුරෙන් ආරම්භ
වි ඉන්පසු D . E . ලෙස අකුරු පිලිවෙලට
අතුරුපස වල නම් එක් කරමින් ඉදිරිපත් විය.
2009 අප්‍රේල් 30 පලමු
C
අකුරින් 1.5 cup cake හදුන්වා දෙන ලදි. ඒ සදහා linux kernel 2.6.27 යොදා ගන්නා ලදි.
2009 සැප්තැම්බර් 15 දින D අකුරින් 1.6 Donut හදුන්වා දෙන ලදි. ඒ සදහා linux kernel 2.6.29 යොදා ගන්නා ලදි.
2009 ඔක්තෝම්බර් මස 26 දින
E අකුරින් 2.0 Eclair හදුන්වා දෙන ලදි. ඒ සදහා linux kernel 2.6.29 යොදා ගන්නා ලදි.
2010 මැයි 22 දින F අකුරින් 2.2
Froyo හදුන්වාදෙන ලදි. ඒ සදහා linux kernel 2.6.32 යොදා ගන්නා
ලදි.
2010 දෙසැම්බර් මස 06 දින G අකුරින් 2.3
Gingerbread හදුන්වා දෙන ලදි. ඒ සදහා linux kernel 2.6.32 යොදා ගන්නා
ලදි.
2011 පෙබරවාරි 12 දින H අකුරින් 3.1 Honeycomb හදුන්වා දෙන ලදි. ඒ සදහා linux kernel 2.6.36 යොදා ගන්නා ලදි.
2011 ඔක්තොම්බර් 19වැනි දින I අකුරින්
4.0 Ice Cream sandwich හදුන්වා දෙන ලදි.
2012 ජුලි 09වන දින J අකුරින් 4.1 jellybean හදුන්වා දෙන ලදි
2013 වසරේ K අකුරින් 5.0
key lime pie හදුන්වා දිමට නියමිතය.