.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, May 20, 2013

Android වර්ශන්




මොනවද මේ ඇන්‍‍ඩ්‍රොයිඩ් වර්ශන්, කවුද මේක හැදුවේ,කියලා බලමු...

මුලින්ම කවුරුත් දන්න ඇන්ඩ්‍රොයිඩ් සලකුණ හැදුවේ කියලා බලමු. මේක හැදුවේ ගැණු කෙනෙක් එයාගේ නම Irina blok  වැඩ කලේ කවුරුත් දන්න google ආයතනයේ වෙළඳ සන්නිවේදන අංශයේ සේවිකාවක් විදියට.  
මේ ලාංජනය මුලින්ම හැදින්වුයේ  Bugdroid කියලා පස්සේ ලේසියට හා පහසුවට ඔය හැමෝම කියන ඇන්ඩ්‍රොයිඩ් කියලා කියන්න ගත්තා.


     2007 නොවැම්බර්  05 වෙනිදා ගුගල් සමාගමේ ප්‍රධානත්වයෙන් තවත් දුරකථන හා පරිඝනක සම්බන්ධ සමාගම් 86 සමග  ජංගම දුරකතන සදහා එකම මෙහෙයුම් පද්දතියක් යොදා ගැනිම පිලිබදව සාකච්ඡාකල අතර ඒ සදහා එම මෘදුකාංගයේ දියුණු කිරිමේ පාදම ලෙස Linux Kernal 2.6 යොදා ගැනිමට තිරණය විය.

          ඒ අනුව 2008  සැප්තැම්බර් 23 දින පළමු ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඇතුලත් කරමින් පලමු ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ලෙස HTC dream G1 දුරකථනය හදුන්වා දෙන ලදි. ඉන්පසුව විවිධ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් නැතිනම් සංස්කරන එලිදැක්වු අතර එවා සියල්ල ඉංග්‍රිසි හෝඩියේ C අකුරෙන් ආරම්භ වි ඉන්පසු D . E . ලෙස අකුරු ‍පිලිවෙලට අතුරුපස වල නම් එක් කරමින් ඉදිරිපත් විය.




 2009 ‍අප්‍රේල් 30 පලමු  අකුරින් 1.5  cup cake හදුන්වා දෙන ලදි. ඒ සදහා  linux       kernel 2.6.27 යොදා ගන්නා ලදි.



2009 සැප්තැම්බර් 15 දින  D අකුරින් 1.6 Donut හදුන්වා දෙන ලදි. ඒ සදහා linux kernel 2.6.29 යොදා ගන්නා ලදි.



2009 ඔක්තෝම්බර් මස 26 දින  E අකුරින් 2.0 Eclair හදුන්වා දෙන ලදි. ඒ සදහා  linux kernel 2.6.29   යොදා ගන්නා ලදි.



2010 මැයි 22 දින F අකුරින්  2.2 Froyo හදුන්වාදෙන ලදි. ඒ සදහා   linux kernel 2.6.32 යොදා ගන්නා ලදි.



2010  දෙසැම්බර් මස 06 දින  G  අකුරින් 2.3 Gingerbread හදුන්වා දෙන ලදි. ඒ සදහා  linux kernel 2.6.32 යොදා ගන්නා ලදි.


2011 පෙබරවාරි 12 දින  H අකුරින් 3.1 Honeycomb හදුන්වා දෙන ලදි. ඒ සදහා  linux kernel 2.6.36 යොදා ගන්නා ලදි.


2011 ඔක්තොම්බර් 19වැනි දින  I  අකුරින් 4.0 Ice Cream sandwich හදුන්වා දෙන ලදි.




2012 ජුලි 09වන දින J අකුරින් 4.1 jellybean හදුන්වා දෙන ලදි


2013 වසරේ  K  අකුරින් 5.0 key lime pie හදුන්වා දිමට නියමිතය.


No comments: