.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, March 21, 2013

දඬුමොණරය



අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.

          පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්.තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.


           තවද මේවෙන විට රාවනා රජු කෙරවූ දඩුමොණරය පිලිබද යම් යම් කරෑනු කාරනා ලොවට හෙලිවී ඇත. එනම් දඩුමොණරය යත‍්‍රය සදහා ඇත්තේ රස දියෙන් ක්‍රියාත්මක වන එන්ජිමකි එයට සයිලන්සර කටවල් 4ක් ඇත. තවද බොහෝ කරෑනු කාරනා ඇත.


    දඩුමොණරය හට යම් යම් විශ්ෂ හැකියාවන් වන නොපෙනී යාමේ හැකියාවෙන්ද සමන්විතය සමන්විතය එවැනි විස්කමක් ඒ කාලය වන විට කර තිබෙන්නේ යම්කිසි ඇස්බැන්දුමක් වැනි දෙයෙකි, එනම් යානයේ යටි පැත්තේන් කන්නාඩි යොදා,යටි අතින් බලන විට කන්නාඩිය ඔස්සේ පරාවර්තනය වෙමින් පෙනෙන්නේ වලා රොදක් මෙනි.

Wednesday, March 20, 2013

රම්බා‍ විහාරය


රම්බා රජමහා  විහාරය.


     ඉපැරණි රම්බා විහාරය හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයේ පිහිටා ඇත. මාතර-හම්බන්තොට මාර්ගයේ නෝනාගම හන්දියෙන් හැරී ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 10 ක්‌ පසු කළ විටද, ඇඹිලිපිටිය නගරයේ සිට කි.මී. 23 ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ ගමන් කල විටදි මාර්ගය ආසන්නව මෙම පෞරාණික විහාරය දැක බලා ගත හැකිය.
ඓතිහාසික තොරතුරු වලට අනුව ක්‍රි.පු. 2 වන සියවසේ සිට වලවේ ගඟමිටියාවතේ ජනාවාස බිහිවු බවට සාධක තිබේ. මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යා කැණීම් වලදී හමු වි ඇති. පරිදි කළු, රතු, මැටි බදුන් මගින් එය තවදුරටත් තහවුරු වේ. 

               එමෙන්ම දෙවන පැතිස්‌ රජුගේ සොහොයුරු මහනාග රජතුමා බුදු දහම වැළඳ ගැනීමෙන් පසු මානාවුළුපුර රාජධානිය කර ගනිමින් ඓතිහාසික වෙහෙර විහාර ඉදිකළ බවද වංශ කතාවල සඳහන් වේ. එමෙන් මහානාග රජතුමා මෙම විහාරය ලෝකෝත්තර අපේක්‌ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සසුනට පූජා කළ බවද විශ්වාස කෙරේ. එමෙන්ම වළගම්බා රජු දවස අනුරාධපුරයේදී ඇතිවූ දරුනුතම සාගතයේදී සංඝයාවහන්සේලා පැමින ඇත්තේ රම්බා විහාරයට බවද සඳහන්වේ.

            13 වන සියවසේදී රචනා කරන ලද. ලංකාවේ ලියවුණු ප්‍රථම සංදේශ කාව්‍ය වූ පාළි භාෂාවෙන් රචිත මානාවුළු සංදේශය රචනා කරනු ලැබුවේ රම්බා විහාරයේදීය. මානාවුළු සදේශය දැනට විද්‍යාමාන වන පාළි සංදේශ අතුරින් ප්‍රථම පාලි සංදේශ කාව්‍යය වශයෙන් සැලකේ. මෙය කවි 59 කින් සමන්විත වෙයි. මානාවුළු සංදේශය රචනාකරන සමයේ මෙහි සාමණේර භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන පිරිවෙන් මධ්‍යස්ථානයක් පැවති බවද ඉතිහාසයේ සඳහන්වේ. පාලි භාෂාවෙන් රචනා කළ මුගලන් වියරණය පහසු කිරීම සඳහා පද සාධනය කර ඇත. පියදස්සී නම් තෙරුණ් වහන්සේ නමක් විසින් රම්බා විහාරයේ සිට එය රචනා කළබව සඳහන්වේ. එතෙක්‌ මෙතෙක්‌ ඝණ කැලෑවෙන් වැසීගිය මෙම රමණීය රම්බා විහාරයේ නටඹුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්‌කෘතික අරමුදල එක්‌ව ආරම්භ කළ පුරාවිද්‍යා ගවේෂණ හා පර්යේෂණ මගින් අනාවරණය වීමට පටන්ගෙන තිබේ. 

       වලවේ ගඟ මිටියාවතේ අක්කර 200ක ප්‍රදේශය පුරා පිහිටි විහාරාරාම රැසක නටබුන් පුරා විද්‍යා කැණීම් සොයා ගැනීමට හැකිවී තිබේ. පිළිම ගෙවල්, ‍පොහොයගෙය, ආවාස මේවා අතර වෙති. එ දවස මෙහි පබ්බත විහාර සංකීර්ණයක් පැවැති බවටද, හඳුනාගෙන තිබේ. අනුරාධපුර යුගයේ අවසාන කාලයේ මෙහි ඉදිකිරීම් සිදුකර ඇති බව හඳුනාගෙන ඇත. රම්බා විහාර විහාරාරාම භූමියේ නටබුන් වෙමින් පවත්නා ස්ථූප 2ක් වන අතර එම ස්ථූපයන් වටා චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිමකරන ලද ආසන කිහිපයක්ද දැකගත හැකිය. නිදන් ශෛලමය සඳකඩ පහණ, මුරගල්, කොරවක් ගල්, සහ සිරස විනාශ කර දමන ලද බුද්ධ ප්‍රතිමාවක්ද දැක ගතහැකිය.පොළොන්නරු යුගයට අයත් ගඩොලින් තනා නිමකරන ලද අඩි 25ක් පමණ ගැඹුරු ළිද අදත් සුරක්ෂිතව පවතී.

                       සංඛ බහිරව රූප සහිත මුරගල්,  භික්ෂුන් වහන්සේලා පරිහරණය කරන ලද ‍පොකුණු, චන්ද්‍රා කාන්ත පාෂාණයෙන් නිමකළ සඳකඩ පහණ ශෛලමය ආසන ගල්, රැසක් මෙහි දක්නට ඇත. මැටියෙන් නිමකරන ලද අලංකාර කැටයම් රැසක් සහ යුග ගණනාවකට අයත් සෙල්ලිපි රැසක්ද රම්බා විහාර භූමියෙන් හමුවී තිබේ. රුහුණු රට මූලගිරි සඟ පරපුරට අයත් විහාරාරාමයක් වන ඓතිහාසික මානවුළුපුර රාජකීය රම්බා විහාරයේ වර්තමාන විහාරාධිපති පූජ්‍ය බෙලිගල්‍ලේ සරණපාල ස්වාමින් වහන්සේය. මූල්ගිරිගල රජමහා විහාරය, අමරතුංග ගම පුරාණ විහාරය සහ රම්බා රජමහා විහාරය යන විහාරාධිපතිව වැඩවෙසෙන පුජ්‍ය බෙලිගල්‍ සරණපාල හිමියන්ගෙන් සිදුවන ශාසනික හා ජාතික සේවාව අති විශාලය.

    ඔබටත් නිවාඩු අවස්ථාවක වන්දනාමාන කරගැනිමට හා ‍අපගේ පෞඩ ඉතිහාසය පිලිබද දැකබලා ආඩම්බර විමටත් හැකිය.


Monday, March 18, 2013

උස්සන්ගොඩ


උස්සන්ගොඩ

උස්සන්ගොඩ යනු කොලඹ -හම්බන්තොට මාර්ගයේ අම්බලන්තොට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 112ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි. කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද සකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි. උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.
අතීතයේ දී රාවණ රජුගේ දඬු මොණරය නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි දඬු මොණරයඑලෙස ගොඩ බස්සවා ඇතැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි. කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය. එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. 
උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.
රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි. ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය.