.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, April 17, 2013

මදුනාගල උණු දිය උලපත්

             


මදුනාගල උණු දිය උලපත් යනු ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඇඹිලිපිටිය සිට පැමිනෙන්නේ නම් පදලංගල හරහා සුරියවැව මාර්ගයේද, මාතර සිට පැමිනෙන්නේ නම් නෝනගම හන්දිය හරහා පදලංගල සුරියවැව මාර්ගයේද, හම්බන්තොට සිට පැමිනෙන්නේ නම් මිරිජ්ජවිල හංදිය සුරිය වැව මාර්ගයේ පැමිණ සුරියවැව  හතරමං හන්දිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය.
             



 ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයත් , පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ඉපැරණී චිත්‍ර සොයාගත් කරඹගල වන රක්‍ෂිතයටත් මැදිව සුන්දර කුඹුරු යායක් මැද මෙම ස්ථානය පිහිටා ඇත.
              
              ස්වාභාවික උණු දිය ස්නානය කිරීමේ පහසුකම යනු සංචාරකයන්ට ඉතා මහගු අවස්ථාවකි
සංචාරකයන්ගේ ගමන් විඩාව දුරුකර ගනිමින් ඖෂධීය ගුණයන්ගෙන් සම්පූර්ණ වූ උණු දිය ස්නානය කිරීමේ පහසුකම් මෙම ස්ථානයේ ඇත. සීතල සුලං හමායන කුඹුරු යායක් මැද සිටබොහෝ ඖෂධ ගුණයන්ගෙන් සපිරි ස්වාභාවික උණු දිය ස්නානය කිරීමේ පහසුකම යනු සංචාරකයන්ට ඉතා මහගු අවස්ථාවකි.  උණු දිය උල්පතේ ඇති ජලයේ උෂ්නත්වය සමාන්‍යයෙන් සෙන්ට්ග්‍රෙඩ් අංශක 40ක් පමණ වන අතර පි.එච් අගය 7.0 පමණද වේ.

                වර්ථමානයේ මෙම ස්ථානයේ ඇති උණු දිය උල්පත වටකොට ජල ටැංකි 6ක් ඉදිකර ඇත. මෙම ජල ටැංකි හයේ උෂ්ණත්වය එකින් එකට වෙනස් වන ආකාරයට ඉදිකර ඇත. එනම්,මැද ඇති ටැංකියේ ජලය උණුසුමෙන් වැඩිවේ.  මෙහි ජලය තුළ උණුසුම නිසා දිය බුබුළු මතුවනු දැකිය හැකිය. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින් ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර ඇති අතරසංචාරකයන්ට දිය නෑම සදහා එය විශාල පහසුවක් ගෙන දී ඇත.
මෙම ස්ථානයෙහි සංචාරක නැවතුම්පලක් කෞතුකාගාරයක් කුරුළු උයනක්මින් මැදුරක්,පළතුරු උයනක්ද ඉදිකර ඇත. ඔබත් නිවාඩු අවස්ථාවක දකුණු පලාතේ සංචාරය කරන අතර තුර අපේ උරුමය ගැන ආඩම්බර විමට යායුතුම ස්ථානයකි..


No comments: