.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, December 16, 2013

ඔබට සිම් කියක් තියෙනවාද ?


ලෝකයේ භයානකම සත්තු

ලෝකයේ භයානකම සත්තු 25ට ලංකාවෙන් දුසිමක්
2013 දෙසැම්බර් මස 13 17:35:02 | වේරගොඩගේ සජිව විජේවීර, ලංකාදිප ඇසුරිනි.

ලෝකයේ භායනකම සතුන් 25 වර්ගීකරණය කළ විට ඉන් විශේෂ 12ක් ශ්‍රී ලංකාවේ ගොඩබිම හා අවට මුහුදේ දැකිය හැකිවේ. මෙහි ප්‍රථම ස්ථාන තුනට පිළිවෙලින් මදුරුවා, අලියා හා කිඹුලා පත්ව සිටින අතර 25 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්විපයෙන් මෑතක දී වාර්තා වූ රතු ගෝණුස්සා නම් සත්ත්ව විශේෂයයි.
1. මදුරුවා
කුඩා වුවත් ගම්මිරිස් ඇටය සැර බව නැවතත් පසක් කරමින් මදුරුවා ලොව භයානක ම සතුන් අතර මුල් තැනට පැමිණ ඇත. මදුරුවන්ගේ දෂ්ඨ කිරීමෙන් සෑදෙන ඩෙංගු, මැලේරියාව ඇතුළු රෝග වලින් වසරකට ලොව පුරා කෝටි 700ට වැඩි පිරිසක් රෝහල්ගත වෙති. වාර්ෂිකව මදුරු දෂ්ඨනනේ මියයන සංඛ්‍යාව ලක්ෂ 30ට අධිකය. ශ්‍රී ලංකාවේ ද මදුරු විශේෂ රැසක් දක්නට ලැබෙන අතර වාර්ෂිකව විශාල පිරිසක් මියයාමට මදුරු දෂ්ඨනය හේතුවේ.


2. අලියා
ආසියාවේ හා අප්‍රිකාවේ සිටින අලි ගොඩබිම සිටින විශාලතම සත්වයාය. තම වාසස්ථානය වූ වනාන්තරයේ දී මිනිසුන්ට පහරදීම අවම වුවත් වරින් වර ගම් වැදී වගාවලට හානි සිදුකරමින් මිනිසුන් ද පහර දීමට පෙළඹේ. අලි මිනිස් ගැටුම හේතුවෙන් බොහෝ මිනිසුන් මෙනම් අලින් ද ජීවිතයෙන් වන්දි ගෙවයි. ශ්‍රී ලංකාව ද අලි මිනිස් ගැටුමෙන් පීඩා විදින රටකි
3. කිඹුලා
ලොව කිඹුල් විශේෂ 23කි. ශ්‍රී ලංකාවේ සිටින ගැට කිඹුලා සහ අප්‍රිකාවේ නයිල් කිඹුලා ලොව දරුණුත ම කිඹුල් විශේෂ ලෙස හ
දුන්වයි. ආහාරදාම වල මුල් ස්ථානවල සිටින කිඹුලන් දිය බීමට එන මුව පැටියාගේ සිට මෝරුන් දක්වා සිටයළුම ජීවීන් ආහාරයට ගනී. දිය කඩිතිවල දිය යටින් සැගවී පහර දීමට සමත් සත්ත්ව විශේෂයක් වන කිඹුලා ආහාරදාමය ඉක්මණින් අවසන්කැර දමයි.


4. හිපපොටේමස්
ශාක භක්ෂකයෙකි. ගොඩබිම දී කුලෑටි ගත් පෙන්වුව ද ජලයේදී මොවුන් පරාජය කිරීමට කිසිවෙකුත් නැත. රංචු වශයෙන් ජීවත් වන මොවුන් ඕනෑම සතකු සිය සතුරකු ලෙස සළකා දියේ දී මැරෙන තුරු පහරදෙයි.


5. නිල් මුදු බූවල්ලා
ගොල්ෆ් ගෝලයක් තරම් කුඩා දර්ශනීය සත්ත්වයෙකි. නිල් පැහැති වළලු පිහිටා ඇති නිසාම මේ නම ලැබී ඇත. බූවල්ලාගේ විෂ මිනිසුන් විසිහය දෙනෙකුට එකවිට දිවි අහිමි කිරීමට සමත් කම් දක්වයි. මොවුන්ගේ ප්‍රහාරයකට ලක්වුවහොත් මරණය ඒකාන්තය. නිල් මුදු බූවල්ලාගේ විෂ නැසීමට මෙතෙක් ඔසු සොයාගෙන නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරයේ ජීවත්වේ.

6. බ්‍රසීලයේ සවාරි මකුළුවා
ලොව සිටින විෂ අධිකම මකුළුවා යනුවෙන් ගිනස් වාර්තා පොතේ නම් සදහන් වී ඇත. දිවා කාලයේ නිවාස තුළ ‍හා මෝටර් රථ වැනි ස්ථානවල සැගවී සිටියි.




7. පොළගා
ලෝකයේ බොහෝ රටවල ජීවත්වන පොළගුන් අතරින් තිත් පොළගා සහ වැළි පොළගා අති භායානක සතුන් වේ. මේ විශේෂ දෙකම ශ්‍රී ලංකාවේ දක්නට ඇත.



8. කොටියා
බොහෝ සතුන් තමන්ට හානියක් වූ විට සැ‍ගවෙන නමුත් කොටියා තමන්ට හානියක් වූ විට එළව එළවා පහරදීම විශේෂත්වයකි. තුවාලයේ වේදනාව වැඩිවන තරමට කොටියාගේ ප්‍රති ප්‍රහාරය ද බලවත්ය. ශ්‍රී ලංකාවේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.





9. සේ සේ මැස්සා
සාමාන්‍ය මැස්සාට වඩා ප්‍රමාණයෙන් විශාල මේ මැස්සා ලේ උරා බී වර්ධනය වන සත්ත්ව විශේෂයකි. අප්‍රිකා මහද්වීපය නිජබිම් කැරගෙන ඇති මේ මැස්සන් දෂ්ඨ කිරීම හේතුවෙන් වසරකට ලක්ෂ පහකට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමිවේ. මිනිසුන් නිදා සිටිනවිට දෂ්ඨ කරයි.

10. කොමොඩෝ මකරා
කබරගොයාගේ පෙනුම ඇතත් ප්‍රමාණයෙන් විශාලය. කුරුල්ලන් වැනි කුඩා සතුන්ගේ සිට, මිනිසා, කුළු මිමා දක්වා සියළු සතුන් ආහාරයට ගනී. මේ සතුන් කරන්නේ පළමුව පහර දී තුවාලයක් සිදුකැර ඉන් රුධිරය යාමට සැළැස්වීමයි. රුධිරය වහනය වී ගොදුර අඩපණ වනතුරු ඒ පසු පස ලුහු බැද ගොස් ආහාරයට ගනී.  

11. හයිනා
හිරු බැස යාමෙන් පසු ආහාර සොයා යන හයිනා මිනිසුන්ට පහර දීමට පෙළඹෙන්නේ නැත. රංචු ව‍ශයෙන් ගැවසෙන මොහොතක පහර දෙති. සාමාන්‍යයෙන් කලින් දඩයම් කැර අතහැර තිබූ අතුනු බහන් ගිල දමන මොවුන් දඩයම් කිරීම ද කරති.

12. පෆර් මාළුවා
විෂ සහිත මාළුවෙකි. ජපානය අවට මුහුදේ බහුල වාසය කරයි. මොවුන්ගේ විෂ ස්වසන පද්ධතියට බලපාන ක්‍රම ක්‍රමයෙන් විෂ පැතිරී අංශභාග තත්වයට පත් වී මිය යාම සිදුවේ.


13. බූම්ස්ලෑන්ග්
මිනිසා ඇතුළු ඕනෑම සත්ත්වයකුට දෂ්ඨ කරන මේ සර්පයාගේ දළ වැදුණු ස්ථානයෙන් රුධිරය දිගටම වහනය වීම සිදුවේ.





14. සිංහයා
මොවුන් මිනිසුන්ට පහරදෙන්නේ කලාතුරකිනි. මිනිසුන්ට පහර දුන්න ද මිනීමස් ආහාරයට නොගනී. කිපුණු විටෙක මිනිසුන්ට දිගින් දිගටම පහර දීමට පෙළඹේ. 1898 දී කෙන්යාවේ දුම්රිය මාර්ගය ක‍ සේවය කරමින් සිටි කම්කරුවන් 28 දෙනකු මාස නමයක කාලයකදී එක් සිංහයකුගේ පහරදීමෙන් මරුමුවට පත්වීම ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ සිද්ධියකි.

15. පෙට්ටි හැඩැති ලොඩියා (ජෙලි ‍ෆිෂ්)
ලෝකයේ වි‍ෂ අධිකම ජීවී විශේෂයයි. මිනිස්සු දහස් ගණනක් මේ සතුන් හේතුවෙන් මියයති. ස්පර්ශ වූ වහාම විෂ ශරීරගත වී විනාඩි කිහිපයකින් මරණය සිදුවේ. ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ජීවත් වේ.


16. වලහා
ස්වභාවික දඩයම් කරුවෙකි. ශ්‍රී ලංකා‍වේ ද ජීවත්වන සත්තව විශේෂයකි. මිනිසුන්ට නිතර ප්‍රහාර එල්ල නොකළ ද මාරාන්තික ප්‍රහාර එල්ලකරන සතෙකි.




17. විස විදින ගෙම්බා
අගල් දෙකක් පමණ විශාලත්වයකින් යුතු මේ ගෙමි විශේෂය ලොව උග්‍ර විෂ සහිත සත්ත්වයෙකි. විෂ මිලි ග්‍රෑම් දෙකකින් මීයන් විසිදහසක පමණ ප්‍රමිණයකින් මීයන් විසි දහසක් පමණ මරා දැමීමට හැකියාව ඇත. මේ විෂ ශරීයේ ගෑවුණු විගස හෘදය අක්‍රිය වී මියයයි.




18. කුළු මීමා
ශ්‍රී ලංකාවේ ද දැකිය හැකි සත්ත්වයෙකි. ඉතා සුළු ශබ්දයකින් වුව ද කිපී පහරදෙයි. මොවුන්ගේ පහර හේතුවෙන් දරුණු තුවාල සිදුවේ.




19. කළු මම්බා
මරණයේ මූර්තිය ලෙස හැඳින් වෙන කළු මම්බා  කෝපයකින් තොරව වුව ද වේගවත්ව ඕනෑම මොහොතක පහර දෙන සර්ප වි‍ශේෂයකි. අප්‍රිකව තුළ දී මිත්‍යා විශ්වාස වලට පවා සම්බන්ධ මොවුන් භයංකාර ජීවි විශේෂයක් ලෙස ද සළකයි.


20. මාරක සුදු මෝරා
කෑමට ගන්නා හෝ නොගන්නා ඕනෑම දෙයකට පහරදෙන මාළුවෙකි. ජලයේ පාවෙන බෝයාවන්,‍ බෝට්ටු, පිහිනුම් ලෑලි, පිහිනන මිනිසුන් ඇතුළු සියළු දේට පහර දෙයි. මිනිසුන්ට පහර දුන්න ද කා දමන්නේ නැත. ලේ පිටවී මියයාම සිදුවේ. විශ්වාසය තිබුණේ මිනිසුන්ගේ ලේ සුවදට මොවුන් පැමිණෙන බවයි.


21. ගොන්මහ
මුහුදු පතුලේ ඇති කොරල් පර අතර වැතිර සිටින මොවුන් ගල් පරයක් ස්වභාවය ගෙන සිටියි. සතුරකුට පහසුවෙන් හදුනාගත නොහැක. තමන් අසළින් පිහිනා යන කුඩා මාළුවන් විදුලි වේගයෙන් (තත්පරයකින් 0.015ක පමණ වේගයකින්) ඩැහැගෙන ගිල දමයි. මොවුන්ගේ සිරුර උග්‍ර විෂ සහිතය. ගල්පර අතර ඇවිද යාමේ දී පෑගුණහොත් මරණය සිදුවේ. ප්‍රහාරය ද මාරාන්තිකය. ශ්‍රී ලංකාව අවට මුහුදේ දැකිය හැකි මත්ස්‍යයෙකි.

22. කේතුකාර මුහුදු බෙල්ලා
මෙම බෙල්ලන් විශේෂය පිට කරන විෂ බින්දුවකින් මිනිස් ජීවිත විස්සක් පමණ අහිමි කිරීමට හැකියාව ඇත. මෙම විෂ නැසීම සඳහා දැනට දැනට කිසිදු ඖෂධයක් නැත. ශ්‍රී ලංකාව අවට ඉන්දියන් සාගරය ඇතුළු සියළුම සාගර කලාපයන්හි බහුලව පැතිරී සිටින ජීවියෙකි.

23. රයිනෝසිරස්
මොවුන්ගේ ප්‍රහාර බහුලව වාර්තා වන්නේ නැත. දරුණු ප්‍රහාර එල්ලකරයි. ඉක්මනින් කිපෙන සුළු මේ සතුන් තියුණු දෘෂ්ඨියක් සහිතය.


24. අප්‍රිකානු පැණි මී මැස්සා
1957 බ්‍රසීල ජාතික මී මැසි ගොවිපලක හිමිකරුවකු විසින් යුරෝපානු හා අප්‍රිකානු මී  මැස්සන් සම්මිශ්‍රණය කැර නව විශේෂයක් නිපදවා වඩාත් ගුණවත් මීපැණි ලබා ගැනීමට උත්සාහ ගත්තේය. ඔහුගේ පරීක්ෂණය අසාර්ථක විය. මේ උත්සාහයෙන් නිර්මාණය වූයේ මාරාන්තික විෂ සහිත මී මැස්සෙකි. සාමාන්‍ය මී මැස්සා මෙන් කිහිප ගුනයකින් විෂ සහිතය. සාමාන්‍ය මී මැසි දෂ්ඨනයක දී මෙන් සම මත බිබිළි හටගනී.  වැඩි ප්‍රමාණයක් විෂ ශරීරගත වීම මාරාන්තිකය.




25. මාරාන්තික රතු ගෝනුස්සා

ලොව ගෝනුස්සන් අතර වැඩිම විෂ සහිත ගෝනුසු විශේෂයයි. ඉන්දියාවේ සිට මෑතක දී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට පැමිණ ඇතැයි පිළිගැනේ. මිනිසුන් විශාල පිරිසක් වාර්ෂිකව මේ ගෝනුස්සන්ගේ විෂ හේතුවෙන් මරණයට පත්වේ.




Sunday, November 3, 2013

අතට අත දිම ගැන දන්නවාද..?

අතට අත දිය යුත්තේ කුමන අවස්ථාවලදී ද ?

* යමකු මුලින්ම මුණගැසුණු විට
* රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූ විට
* බොහෝ කාලයකින් නොදුටු හිතවතකු මුණගැසුණු විට
* යම්කිසි උත්සව අවස්ථාවකදී සත්කාර කටයුතු කරන්නේ ඔබ නම්, එහි පැමිණෙන අමුත්තන් පිළිගන්නා විට
* මිතුරකුට, ව්‍යාපාරික සගයකුට සමුදීමේදී
* යම්කිසි පුද්ගලයකු ඔබ දෙසට අත දිගුකරන ඕනෑම විටෙකදී අතට අතදීමේදී අප දැන සිටිය යුතු කරුණු
1. අතට අතදීම ආරම්භ කළයුතු අවස්ථාව
අතට අත දීම ආරම්භ කළ යුත්තේ තනතුරින් හෝ වයසින් ඉහළ තැනැත්තාය. උදාහරණයක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී නම් මුලින්ද අත දිගුකළ යුත්තේ එම පරීක්ෂණය මෙහෙයවන තැනැත්තාය. ඔබගේ අනාගත මාමණ්ඩිය මුණ ගැසුණේ නම් අතට අත දීම ආරම්භ කළ යුත්තේ ඔහු මිස ඔබ නොවේ.
අතට අතදීම ආරම්භ කිරීමේදී යම්කිසි වරදක් සිදුවූයේ නම් කිසිවිටෙක අත ආපසු ගැනීමෙන් වළකින්න. එය අනෙක් තැනැත්තාට රළු අත්දැකීමක් වන්නට පුළුවන. එවන් අවස්ථාවකදී සිනහසෙමින් අතට අතදී තමාව හඳුන්වාදීම සිදුකළ යුතු අතර සමාව අයැදීම සිදු නොකළ යුත්තකි.
2. අතට අතදීමට පෙර අනෙක් පුද්ගලයාගේ දෑස් වෙත ඔබේ දෑස් යොමුකළ යුතුය.
ඔබ සිටින්නේ හිඳගෙන නම් අත දිගුකිරීමට පෙර නැගී සිටිය යුතුය. මෙසේ දෙදෙනාම එකම මට්ටමකට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ අනෙක් තැනැත්තා කෙරෙහි ඔබ දක්වන ගෞරවයයයි. අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා සුහද ලෙස සිනාසීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔහු / ඇය හමුවීම සතුටට හේතුවක් බවය.මෙවැනි අවස්ථාවකදී ඔබ කලබලයෙන් හෝ එතැනින් බැහැර යන්නට කලබලයෙන් සිටින බවක් පෙන්නුම් කිරීම නොකළ යුතුය. ඔබ සිටින්නේ ඇවිදිමින් නම්, ඇවිදීම නතර කොට අනෙක් පුද්ගලයාගේ දෑස් දෙස බලා අතට අත දෙන්න. එසේ නොමැති වුවහොත් එම අවස්ථාව අසුන්දර වන්නට ඉඩ තිබේ.
3. අතට අතදීමට පෙර හෝ අතට අත දෙන අවස්ථාවේදී සුබපැතීම සිදුකරන්න.
ඔබගේ අත්ල දහදියෙන් තෙත්වී ඇත්නම්, ඔබගේ කලිසමෙන්, සායෙන් හෝ සාරියෙන් එය පිසදමා ගන්නා තුරු අතට අතදීම මදකට පමාකළ හැකිය. සුබපැතීම සිදුකළ යුත්තේ මෙසේ පමාවන මොහොතේය. සුබපැතීමේදී අනෙක් පුද්ගලයාගේ නම සුහද ලෙස පැවසීම වඩාත් උචිතය. උදාහරණයක් ලෙස මෙසේ පවසන්නට පුළුවන. ඔබව හමුවීම සතුටක් සුබා “මෙහිදී ඔබට සුදුසු යැයි සිතෙන සුබ පැතුමක් ඉදිරිපත් කරන්නට පුළුවන. නමුත් පමණ ඉක්මවා යාමෙන් වළකින්න.
ඔබට හමුවූයේ අමුත්තකු නම් ඔහුගේ / ඇයගේ නම හොඳින් මතකයේ රඳවාගැනීම සඳහා සංවාදය අතරතුරේදී නම කිහිපවතාවක් පැවැසීම සිදුකරන්න. එවිට ඔබට එම නම මතකයේ රඳවාගැනීමට පහසුවක් වනු ඇත. මෙය අනෙක් පුද්ගලයාගේ සිතේ ද සුහදශීලී ආකල්පයක් ඇතිකරන්නට හේතුවනු ඇත. මන්ද තම නම වෙනත් පුද්ගලයකු විසින් පවසනු ඇසීමට සියලු දෙනා කැමැති නිසාය.
4 අතට අත දීමේදී අත දැඩිව අල්වාගත යුතු මුත් වේදනාව දැනෙන සේ මිරිකීම සිදුනොකළ යුතුය.
අත දුර්වල ලෙස ඇල්ලීමේදී අනෙක් පුද්ගලයාගේ සිතේ ඔබ පිළිබඳ ඇතිවන්නේ දුර්වලයකු වැනි ආකල්පයකි. නමුත් ඔබ අනෙක් පුද්ගලයාගේ අස්ථි බිඳීයන තරම් තදින් ඇල්ලිය යුතුබව මෙයින් පැවසෙන්නේ ද නැත. මෙහිදී අත දැඩිව අල්වාගත යුතු මුත්, දැඩිව මිරිකිය යුතුය නැත. අනෙක් පුද්ගලයා දුර්වල ලෙස ඔබගේ අත අල්වා ගත්තේ නම්, ඔහුගේ / ඇයගේ අත තරමක් තදින් මිරිකන්න. එවිට අත තදින් අල්වාගත යුතු බැව් අනෙක් පුද්ගලයාගේ සිතෙහි හැඟීමක් ඇතිකළ හැක.
5. අතට අතදීම පැවැතිය යුතු කාලය
බොහෝ දෙනෙක් කෙටි අතට අතදීමකට කැමතිය. සාමාන්‍යයෙන් මෙය තත්පර පහක් තරම් කෙටිකාලයක් බැව් සොයාගෙන තිබේ. එබැවින් අනෙක් පුද්ගලයාගේ ප්‍රතිචාර පිළිබඳ සැලකිලිමත්වීම සුදුසුය. විශේෂයෙන් අනෙක් පුද්ගලයා රැකියාවෙන්, තනතුරින් හෝ සමාජ තත්ත්වයෙන් ඔබට වඩා උසස් නම් මෙය හොඳින් සිතේ තබාගත යුත්තක් වේ.
අනෙක් පුද්ගලයා තත්පර පහකට වඩා ඔබගේ අත අල්වාගෙන සිටියේ නම් සුහදශීලී ලෙස අත ඉවතට ගන්න. 
ඉන්පසුව එක් එල්‍ලේ දෑස් දෙස බලා කතා කිරීම හා සුහදශීලී කතා බහ මගින් ඔහු / ඇය සමග සංවාදය යහපත් අයුරින් පවත්වාගෙන යන්නට උපකාරී වනු ඇත.
6. ඔබගේ අනෙක් අත පිළිබඳ සැලකිලිමත් වන්න
වම් අත භාවිත කරන්නට විශේෂ හේතුවක් නැත්නම්, අතට අතදීමේදී බොහෝ දෙනෙක් භාවිත කරන්නේ දකුණු අතය. මෙම අවස්ථාවේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගලයාට පෙනෙන සේ ඇඟිලි දිගහැරී තිබිය යුතුය. ඔබගේ වම් අත සාක්කුවේ දමාගෙන සිටීමෙන් වළකින්න. එය අනෙක් පුද්ගලයාගේ සිතේ චකිතයක් ඇති කරන්නට හේතුවක් වේ. සාමාන්‍යයෙන් අතට අතදීමේදී ඔබගේ වම් අත අනෙක් පුද්ගයාගේ අත මත තැබිම නුවණට හුරු නැත. නමුත් අනෙක් පුද්ගලයා ඔබ දන්නා හඳුනන අයෙක් නම් අවස්ථාවට උචිත යැයි හැඟේ නම් පමණක් එසේ සිදුකළ හැකිය.
7. අතට අත දී සෙලවිය යුතු පිළිවෙළ
අත සෙලවිය යුත්තේ ඉහළ - පහළ ආකාරයටය. එය ඉදිරියට පසුපසට හෝ පැත්තෙන් පැත්තට හෝ වශයෙන් සිදුකිරීම සුදුසු නැත. එසේ කිරීමේදී මෙම අවස්ථාවේ ඇති සුහදතාවය ගිලිහීයන්නට ඉඩ තිබේ.
අතට අත දීමේ ආචාර ධර්ම සේම දැන සිටිය යුතුවා සේම දැනට ප්‍රචලිතව පවතින අතට අතදීමේ විවිධ විලාශයන් පිළිබඳ දැනසිටීමද විශේෂ වාසියක් වන්නට පුළුවන. මෙහිදී ඔබට මෙවැනි විලාශයන් 10ක් හඳුන්වා දෙන අතර සමාජයේ පවතින්නේ මේවා පමණක් නොවන බව මතක තබාගත යුතුය. විවිධ නම්වලින් පවතින තවත් බොහෝ විලාශයන් පවතී. මේවා මගින් අනෙක් පුද්ගලයා පිළිබඳ යම් අදහසක් ලබාගැනීමට ද ඔබට අවස්ථාව ලැබේ.
1. දහදිය අත්ලෙන් අතට අතදීම :
ඇතැම්විට අතට අතදීමේදී අනෙක් පුද්ගලයාගේ මානසික වාතාවරණයට අනුව අත්ල දහදියෙන් තෙත්වී තිබෙන්නට පුළුවන. නමුත් ඔබ එය පිළිබඳ අවබෝධයෙන් වඩාත් සුහදශීලී ලෙස කතා බහ කිරීමෙන් අනෙක් පුද්ගලයාගේ සිතෙහි ඇති මානසිකත්වය වෙනස් කරන්නට හැකිය. ඔබගේ අත්ල දහදියෙන් තෙත්වූයේ නම් අතට අතදීමට පෙර අත්ල ‍ලේන්සුවෙන් හෝ (කාලය මද බව හැඟේ) නම් කලිසමෙන් හෝ සායෙන් පිස දමා අතට අත දෙන්නට පුළුවන.
2. ලිහිල් අතට අතදීම :
මෙය Dead Fish යනුවෙන් ද හඳුන්වනු ලබයි. මත්ස්‍යයකු මියගිය විට උගේ සිරුර ඉබේ කඩා වැටේ. අනෙක් පුද්ගලයා ද අත්‍ලේ අස්ථි පවා නොමැති අයුරින් ඉතා ලිහිල්ව අතදීම සිදුකරනු පෙනේ. මෙසේ අතට අත දෙන්නේ සෘණාත්මක ආකල්ප ඇති සමාජශීලී නොවන පුද්ගලයන්ය. නමුත් තදබල අතට අතදීමක් නිසා අමිහිරි අත්දැකීම ලද පුද්ගලයන් ද මෙසේ සිදුකරනා බැව් සොයාගෙන තිබේ.
3. ක්ෂණික අතට අතදීම
Brush Off යනුවෙන් ද හඳුන්වනු ලබන මෙහිදී අනෙක් පුද්ගලයා ඉතා ඉක්මනින් අතට අත දී ඉවතට ගනියි. අනුන්ගේ අදහස්වලට වඩා තමාගේ අදහස් උසස් යැයි මෙසේ කරනා බොහෝ දෙනෙක් සිතයි.
4. ප්‍රබල අතට අතදීම
මෙහිදී අනෙක් පුද්ගලයා ඔබ ඔහු / ඇය දෙසට අදිනා බැව් හැඟෙනු ඇත. මෙහිදී ඔබ තේරුම්ගත යුත්තේ අනෙක් පුද්ගලයා සැමවිටම යම් තැනක ප්‍රධානියාවන්නට උත්සාහ කරන්නකු බවය.
5. දේශපාලන අතට අත දීම
මෙහිදී අනෙක් පුද්ගලයා අතට අත දෙන අතරේ අනෙක් අතින් ඔබගේ වම් අත හෝ උරහිස තදින් ඇල්ලීම සිදුකරයි. අනෙක් පුද්ගලයා ඔබගේ මිතුරකු නොවේ නම් මුලින්ම මෙසේ යම්කිසි අමුත්තකු සිදුකරන්නේ නම් එහිදී පැවැසෙන්නේ බොරු සුහදශීලී බවකි. එයට දේශපාලන අතට අතදී යැයි පැවැසෙන්නේ එබැවිනි. මෙවැනි පුද්ගලයින් වැටෙන්නේ සටකපට ගණයටය.
6. ඇඟිලිවලින් අතට අතදීම
Finger Vice යනුවෙන් හැඳින්වෙන මෙහිදී අනෙක් පුද්ගලයා අතට අත දීමේදී සම්පූර්ණ අත නොව ඇඟිලි පමණක් භාවිත කරයි. මෙවැනි පුද්ගලයන් අවිශ්වාස සහගතය. එමෙන්ම ඔවුන් අනෙක සෙසු පුද්ගලයන් දුරින් තබා ගැනීමට උත්සාහ කරයි.
7. අස්ථි බිඳෙන අතට අතදීම
Bone Crusher යනුවෙන් හැඳින්වෙන මෙහිදී වේදනාව දැනෙන අයුරින් අත මිරිකීම සිදුකරයි. තමා කෙතරම් ශක්තිවන්තයෙක්දැයි පෙන්වීමට බොහෝ දෙනෙක් මෙම විලාශය යොදා ගනිති. ඔබ ද ශක්තිමත් බැව් හැඟෙන්නට ඉඩ හැරීමෙන් ඔවුන් ද ඔබ කෙරෙහි ධනාත්මක ආකල්ප ඇති කරගනී.
8. ‍පොකිරිස්සා ෙශෙලීය
මෙය හඳුන්වනු ලබන්නේ Lobster Claw නමිනි. මෙසේ අතට අත දෙනු ලබන්නා ‍පොකිරිස්සාගේ අඩුවක් සේ සිය මහපටඟිල්ල හෝ සියලු ඇඟිලි අනෙක් පුද්ගලයාගේ අත්‍ලේ ස්පර්ශ කරයි. මෙවැනි පුද්ගලයින් අනෙක් පුද්ගලයින් සමග සම්බන්ධතා ඇති කරගැනීමට වැඩි කැමැත්තක් නැත. නමුත් මොවුන් ඉතා විශ්වාසවන්ත පුද්ගලයින්ය.
9. මල්ලව‍පොර ශෛලීය
මෙහිදී අතට අත දීමෙන් පසු අත කරකවා අනෙක් පුද්ගලයාගේ අත යටි පැත්තට හරවයි. එය Hand Wrestler නමින් හඳුන්වන්නේ එබැවිනි. මෙය ආක්‍රමණශීලීබවේ ලක්ෂණයකි. මෙවැනි පුද්ගලයින් සියලු දෙනා ඉවතහෙළා ඉහළටම යන්නට උත්සාහ කරයි.
10. කෝප්ප ෙශෙලිය
මෙහිදී අනෙක් පුද්ගලයාගේ අත්ල කෝප්පයක හැඩයකින් පවතී. එයට Tencup යනුවෙන් හඳුන්වනු ලබයි. මෙවැනි පුද්ගලයින් යමක් සඟවාගෙන සිටී. ඇතැම්විට ලජ්ජාව වැනි හැඟීමක් ද ඔවුන් තුළ තිබෙන්නට පුළුවන. මෙවැනි පුද්ගලයින් සමග වැඩකටයුතු කිරීමේදී යම් යම් තොරතුරු සඟවාගෙන සිටීදැයි විමසිලිමත් විය යුතුය.

ලක්බිම ඇසුරිනි..

Thursday, October 3, 2013

ඔබගේ සිත් ගත් ඇය සතුටු කිරිමට නම්....

ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න මේ දේවල් අමතක කරන්නත් එපා ...
ඇයව වැළඳගන්න.. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී .. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. 
ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.. ඇය ලස්සන බව ඇයට පවසන්න.. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න……………………
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

Monday, August 26, 2013

කසාදයක් කර ගැනිමට පෙර

Honey Moon - මධු සම‍ය.

ශ්‍රී ලාංකීය පත්‍ර කාලාවෙන් පුර්ෂ පාර්ශවයට වන අසාධාරණය දැක කඳුළු ගලනා තනි ඇහෙන් යුතුව සහ පරමාදර්ශී චරිතයක් වනු රිසියෙන් "මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්" යන මෙම කරුණු සටහන් කරන ලදී.


  • කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.



  • ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.



  • ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.



  • ඇය දන්නේ  කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.


මාගේ උපදෙස් වල කුටාප්‍රාප්තිය මෙයයි.මෙය මනාලයෙක් විසින් දැනගත යුතු වැදගත්ම උපදේශයයි.


  • මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත.  


.ඉහත උපදේශ පිළිපැද ඔබත් පරමාදර්ශී සැමියෙකු වන්න..ඔබ සැමට සුභ මධුසමයක් වේවා. 


http://ganakamadura.blogspot.com/2013/04/honeymoon-tips.html     

Monday, May 20, 2013

Android වර්ශන්




මොනවද මේ ඇන්‍‍ඩ්‍රොයිඩ් වර්ශන්, කවුද මේක හැදුවේ,කියලා බලමු...

මුලින්ම කවුරුත් දන්න ඇන්ඩ්‍රොයිඩ් සලකුණ හැදුවේ කියලා බලමු. මේක හැදුවේ ගැණු කෙනෙක් එයාගේ නම Irina blok  වැඩ කලේ කවුරුත් දන්න google ආයතනයේ වෙළඳ සන්නිවේදන අංශයේ සේවිකාවක් විදියට.  
මේ ලාංජනය මුලින්ම හැදින්වුයේ  Bugdroid කියලා පස්සේ ලේසියට හා පහසුවට ඔය හැමෝම කියන ඇන්ඩ්‍රොයිඩ් කියලා කියන්න ගත්තා.


     2007 නොවැම්බර්  05 වෙනිදා ගුගල් සමාගමේ ප්‍රධානත්වයෙන් තවත් දුරකථන හා පරිඝනක සම්බන්ධ සමාගම් 86 සමග  ජංගම දුරකතන සදහා එකම මෙහෙයුම් පද්දතියක් යොදා ගැනිම පිලිබදව සාකච්ඡාකල අතර ඒ සදහා එම මෘදුකාංගයේ දියුණු කිරිමේ පාදම ලෙස Linux Kernal 2.6 යොදා ගැනිමට තිරණය විය.

          ඒ අනුව 2008  සැප්තැම්බර් 23 දින පළමු ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඇතුලත් කරමින් පලමු ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ලෙස HTC dream G1 දුරකථනය හදුන්වා දෙන ලදි. ඉන්පසුව විවිධ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් නැතිනම් සංස්කරන එලිදැක්වු අතර එවා සියල්ල ඉංග්‍රිසි හෝඩියේ C අකුරෙන් ආරම්භ වි ඉන්පසු D . E . ලෙස අකුරු ‍පිලිවෙලට අතුරුපස වල නම් එක් කරමින් ඉදිරිපත් විය.




 2009 ‍අප්‍රේල් 30 පලමු  අකුරින් 1.5  cup cake හදුන්වා දෙන ලදි. ඒ සදහා  linux       kernel 2.6.27 යොදා ගන්නා ලදි.



2009 සැප්තැම්බර් 15 දින  D අකුරින් 1.6 Donut හදුන්වා දෙන ලදි. ඒ සදහා linux kernel 2.6.29 යොදා ගන්නා ලදි.



2009 ඔක්තෝම්බර් මස 26 දින  E අකුරින් 2.0 Eclair හදුන්වා දෙන ලදි. ඒ සදහා  linux kernel 2.6.29   යොදා ගන්නා ලදි.



2010 මැයි 22 දින F අකුරින්  2.2 Froyo හදුන්වාදෙන ලදි. ඒ සදහා   linux kernel 2.6.32 යොදා ගන්නා ලදි.



2010  දෙසැම්බර් මස 06 දින  G  අකුරින් 2.3 Gingerbread හදුන්වා දෙන ලදි. ඒ සදහා  linux kernel 2.6.32 යොදා ගන්නා ලදි.


2011 පෙබරවාරි 12 දින  H අකුරින් 3.1 Honeycomb හදුන්වා දෙන ලදි. ඒ සදහා  linux kernel 2.6.36 යොදා ගන්නා ලදි.


2011 ඔක්තොම්බර් 19වැනි දින  I  අකුරින් 4.0 Ice Cream sandwich හදුන්වා දෙන ලදි.




2012 ජුලි 09වන දින J අකුරින් 4.1 jellybean හදුන්වා දෙන ලදි


2013 වසරේ  K  අකුරින් 5.0 key lime pie හදුන්වා දිමට නියමිතය.